Wednesday, March 27, 2013

"වසරක මැද අලුත් පාසලක ඉගෙනගැනීම" සුන්දරද එතරම්

සමන් ඩයස් සිල්වා අලුත් පාසලට ගියේ අද උදේය. ඔහු ඊයේ දවස ගැන සිහි කළේය. ඊයේ පරණ පාසලෙන් සමුගත් දිනයයි. සමන් පාසලේ ජනප්‍රිය සිසුවකි. විශේෂයෙන් ඔහු ඉගෙන ගන්නා 10 ශ්‍රේණියේ ජනප්‍රිය සිසුවකි. එදා ඔහුගේ පන්තියේ ඉගැන්වීමක් නැත. හැමෝම ඔහුට සමු දෙන්නට ශෝක ගී ගයනා කලෝය. “අනේ අපිව අමතක කරන්න එපා” සමහර ළමයි කීවෝය. “අපිට සමන් නැතිව පාලුයි. දැන් ඉතින් පන්තියම පලු වේවි.” සමහරු කීවෝය. ගුරුවරු කිවේ “ඇයි අපිව දාල යන්නේ, අපි හොද නැද්ද” කියාය. මේ සෑම දෙයකටම සමන් අහිංසක හිනාවක් පෑවේය. ඔහුටද දුකය. එහෙත් කුමක් කරන්නද, දෙමාපියන් මේ පාසලට එතරම් කැමති නැත. සමන්ද විනෝදයෙන් සිටියා මිස වැඩිය අධ්‍යාපන කටයුතු සදහා හිත යොමු කළේ නැත. ඔහු පාසලේ කැන්ටිම වෙත යන විට පහළොස්  දෙනෙකුට වඩා ඔහුට Hi කියනු ඔහුට මතකය. ඔහුව ශේණියේ පන්තියේ නොදන්නා කෙනෙක් නැත. ගුරුවරුද ඔහුට ආදරයේය. ඔහු එම පාසලේ පළමු ශේණියේ සිට ඉගෙනුම ලබන සිසුවකි.

ඔහුට අද උදේ සිහිපත් විය. කිසිදු ගුරුවරයෙක් ඔහු හා වැඩි කතාවට ආවේ නැත. ළමයින් විශේෂයෙන් ඔහු හා බජනයට ආවේ නැත. Hello සමන් සින්දුවක් කියමුකෝ”, “සමන් මචං කොහොමද ඉතින්” යයි සතුටු සාමිචියක් නැත. කැන්ටිමට යන විට කිසිවෙකුත් Hi කිවේ නැත. ගුරුවරු ඔහු සමග නොරුච්චුවට මෙන් කතා කලෝය. ළමයිද එසේය. දැන් ඉතින් මෙහෙම සමන්ට තව වසරක් ඉගෙනුම ලැබීමට සිදුවෙනු ඇත.
ඔහුගේ අධ්‍යාපනය අඩාල වේවිදෝ!!!!
(කතාව මෙසේය.)

ඔහු නව පාසලට ගියේ වාර විභාග අරම්භයට ආසන්න දිනයකදීය. ඔහු නව පාසලේ වාර විභාගයට පෙනී සිටියේය. අවාසනාවකි.! ඔහු පන්තියේ තිස්වෙනියය.(30) ඔහුටද දුකය. දෙමාපියන්ටද දුකය. ළමයි සහ ගුරුවරු තවත් ඔහුව නොසලකා හැරියෝය. එහෙත්, ඔහු සිතා ගත්තේ කවදා හෝ මෙම පාසලේ පන්තියක තෙවෙන්නා (3) වන බවයි. අවසානයේ ඔහු 11 වසර අවසාන වාර පරීක්ෂණයේ පන්තියේ හය (6) වැනියා දක්වා ඉහලින් ඉහලටම ගොස් තිබිණි. මේ කාලය වන විට ගුරුවරු ළමයි ඔහුගේ ගුණ වර්ණනා කරන තත්වයක තිබිණි. ගුරුවරු “සමන් දක්ෂයි” ලෙස වර්ණනා කලෝය. ඔහු සාමාන්‍ය පෙළ A-8  B-2 සමග සමත් විය.

ඔහු උසස් පෙළටද පෙනී සිටියේ මෙම නව පාසලෙන්මය. ඔහු කෙසේ හෝ ඔහුගේ සිහිනය සැබෑ කරගත්තේ උසස්පෙළ අවසාන වසරේ දෙවැනි වාරේ පන්තියේ තෙවැන්නා වීමෙනි. මෙම කාලය වනවිට සමන් ගුරුවරුන්ගේ, ළමයින්ගේ මෙන්ම නෑදෑයන්ගේද පැසසුමට ලක්වෙමින් සිටියේය. අවසානයේ ඔහු උසස් පෙළ විභාගයට ඔහුගේ දෙවැනි පාසලෙන් පෙනී සිට ගණිත අංශයෙන් පළමු වරම විශ්වවිද්‍යාලයට තේරී පත් විය.

සත්‍ය කතාවකි - නම් ගම් මනකල්පිත වේ.

No comments:

Post a Comment