ධර්මසේන නාගරික පන්සලක
ප්‍රධාන දායකයා විය. පන්සලෙන් සෑම මැදින් පොහෝ දිනකම නගරය වටා විශාල (මහා
පරිමාණයෙන්) පෙරහරක් දියත් කරයි. එයට ප්‍රදේශයේ දානපතියන් විශාල අනුග්‍රහයක්
දක්වයි, පොලිසියෙන්ද ඇත්තේ නොමද සහයකි. කෙසේ උවද පෙරහැර ආරම්භ කරන්නේ ප්‍රධාන දායක
ධර්මසේනගේ නිවසිනි. පෙරහැර අවසන් කරන්නේ පන්සලෙනි. ධර්මසේනගේ ශ්‍රී නාමය දසත නගර
ගම් සිසාරා රැවු පිලි රැවු දුනි. ඔහුට විශාල පිරිස් බලයක්ද තිබිණි. සමාජ සේවය
ඔහුගේ ජීවිතය විය.
එහෙත් අවසානයේ ඔහු රේස්
පොලක මරා දමා තිබිණි. ඔහු රේස් පොලට යන බව ඔහුගේ බිරිද පවා නොදනී. ශ්‍රී නාමය කෙසේ
උවද මල ගෙදර එතරම් සෙනගක් සිටියේ නැත. මළගෙදර පැමිණියෝද කසු කුසු ගාමින් පිටව
යනතෙක් නොඉවසිල්ලෙන් සිටියෝය. පාන්සුකූලයට වැඩියේද පන්සලේ පොඩි හාමුදුරුවෝ නමකි.
තැන තැන විවිධ කතා පුවත් සෑදී තිබිණි. දරුවන්ටද සමාජය උසුළු, විසුළු කළේය. මතක
බණක් පවා තිබුනේ නැත. අන්තිමට කිසිදු පිරිසක් නොමැතිව දරු පවුල පමණක් තනි විය.
සත්‍ය කතාවක් ඇසුරෙනි.
No comments:
Post a Comment