Wednesday, March 27, 2013

ඉතිහාසයේ පුදුම සහගත උසස් පෙළ විභාගය - 2011 A/L

කමල් ටෙශාන් වේරගොඩ 2011ගණිත අංශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමු වර උසස් පෙළ හැදෑරු ශිෂ්‍යයකි. මුලින් 2011 November ප්‍රතිඵල එනවා යයි ආණ්ඩුව(අධ්‍යාපන අමාත්‍යයංශය) නිවේදනය කළේය.
එහෙත් ප්‍රතිඵල ආවේ නැත,කමල්ට දැන් ප්‍රතිඵල එනතුරු ඉවසුමක්ද නැත. 2008 A/L, 2009 A/L  සහ 2010 A/L ප්‍රතිඵල ආවේ දෙසැම්බර් මුල් සතියේය. එහෙත් 2011 ප්‍රතිඵල ආවේ නැත. කමල් පමණක් නොව සියලුම A/L ශිෂ්‍යයන්, මාධ්‍ය සහ මුළු රටම කැලබුණි. කෝ A/L results යැයි හැමෝම ඇසුවෝය.

එහෙත් ඇතුලෙන් මහා ගින්නක පෙර නිමිති පහල වෙමින් තිබිණි. අධ්‍යාපනයට සම්බන්ධ වගකිවයුතු පිරිස් z-score යන අකුරු 6 වචනය ලඝු කොට සලකූහ.
අවසානයේ ජනාධිපතිතුමා මැදිහත් වී 2011 දෙසැම්බර් මස අවසාන සතියේ දිනක මධ්‍යම රාත්‍රියේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරුණි.
කමල්ද මධ්‍යම රාත්‍රිය වනතෙක් නිදි වර්ජිතව ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවිය.

ප්‍රතිඵල නිකුත්විය.
අවාසනාවකි, ඉංජිනේරු අංශයට තේරීපත් වීමට බලාපොරොත්තුවෙන් සිටි කමල්ගේ results Mathematics – A, Physics – C, Chemistry – B විය. Z-score – 1.4998 & District rank – 218 විය. මෙය ඉංජිනේරු අංශයට නොව පරිගණක අංශයටවත් යාමට නොහැකි ප්‍රතිඵලයකි,
අවාසනාවකි...

ඔහු මේ බව දෙමවුපියන් ඇහැරවා දැනුම් දුන්නේය, දෙමවුපියටද දුකය. කුමක් කරන්ටද දෙමවුපියන් කිවේ නැවත විභාගය කරන ලෙසය. එහෙත් අවුරුදු 2.5 අධික ලෙස විභාගයට කැපවූ ඔහුට මෙය එතරම් මිහිරි වදනක් නොවේ. ඔහු කිවේ මහන්සි නොවුන කෙනෙකුටනම් ආයේ කරන එක simple, ඒත් මෙච්චර මහන්සි උන මටනම් ආයේ විභාගේ කරන්න බැහැ කියාය.

පහුවදා තවත් අවුලකි, එනම් District rank & Island rank වැරදියට පටලවා (කුණුහරපයක් වැනි)  පල කර තිබීමයි. ක්ෂණිකව ප්‍රතිඵල ලේඛනයේ District rank & Island rank අත්හිටුවා නැවත පැය කිහිපයකින් update කෙරුණි.
A/L සිසුන්ට හා දෙමවුපියන්ට වගකිවයුතු බලධාරීන්ගේ අම්මා, අප්පා මතක් විය.

එහෙත් results නැවත update වීමෙන් පසු සමහර සිසුන්ගේ ප්‍රතිඵල ඉහල නැගිණි. කමල්ටද එසේය. ඔහුගේ දැන් District rank – 189 විය. ඔහුට දැන් ටිකක් සතුටුය.
එහෙත් පසුදා UGC – 2010 cutoff පොත බැලීමෙන් අවබෝධ වුයේ කමල්ට physical science නම් යාමට හැකි බවයි. අන්තිමට ඔහු හිත හදාගත්තේය, මම physical science යනවා, මට ආයෙනම් විභාගය කරන්න නම් බැහැ මයි කියාය.

මේ කාලයේ Z-SCORE ප්‍රශ්නය හොද හැටි ඇවිලෙමින් තිබිණි. ශිෂ්‍යන් පිරිසක් නඩු මගට පිවිසියේ මේ අතරය. කමල්ට දෙමවුපියන් කිවේ නැවත විභාගය කරන ලෙසය. එහෙත් කමල් ඇසුවේ නැත. ඔහු කිවේ තව අවුරුද්දක් නාස්ති කිරීම අපරාදයක් බවය.

නඩු තීන්දුව 2012 ජුනි මාසය ආසන්නයේ ලැබිණි.
නඩුවට පෙර 2011 A/L Old syllabus සහ New Syllabus එකම එක විභාගයක් ලෙස සලකා එකම ප්‍රතිඵල ලේඛනයකට ප්‍රතිඵල නිකුත් කර තිබිණි, ඒත් නඩු තීන්දුවෙන් නියෝග කර ඇත්තේ 2011 A/L Old syllabus සහ New Syllabus සදහා z-score වෙන වෙනම ගණනය කර ප්‍රතිඵල ලේඛන දෙකක් පිළියෙල කරන ලෙසය.

කමල් දුවගොස් අලුත් ප්‍රතිඵල බැලුවේය. පුදුමයකි, ඓශ්චර්යකි. ඔහුගේ Z-score – 1.7008 & District rank – 108 විය. ඔහු සතුටින් පිනා ගියේය. දෙමාපියන්ටද ඉතා සතුටුය. හැමෝම කමල් ගැන සතුටු විය.
නැවත ප්‍රශ්නයකි. එකක් විසදෙන විට තවකකි,
එනම්,
වගකිවයුත්තන් ප්‍රතිඵල ලබා ඇත්තේ එක District rank & Island rank යටතේ විය. එහෙත් අධිකරණයන් නියෝග කර ඇත්තේ 2011 A/L Old syllabus සහ New Syllabus සදහා z-score වෙන වෙනම ගණනය කර ප්‍රතිඵල ලේඛන දෙකක් පිළියෙල කරන ලෙසය. නැවත අවුලකි.
නැවත සිසුන් පිරිසක් අධිකරණයේ පිහිට පැතුවේය. අධිකරණයෙන් වගකිවයුත්තන්ට කිවේ නැවත අධිකරණ නියෝගයට  අනුව ප්‍රතිපල නිකුත් කරන ලෙසත්, අසාධාරණයට ලක් වූ සිසුන්ට සාධාරණය ඉටුකරන ලෙසත්ය. ඒ අනුව විශ්වවිද්‍යාලයට බදවා ගන්නා පිරිස 25% වැඩි විය.

කමල්ගේ නව Z-score – 1.7008 & District rank – 43 විය. ඔහු අවසානයේ පේරාදෙණිය ඉංජිනේරු අංශයට තේරී පත්විය.

සත්‍ය කතාවකි - නම් ගම් සහ විභාග ප්‍රතිඵල මනකල්පිත වුවත්, සත්‍ය කතාවේ මෙයට ආසන්නම විභාග ප්‍රතිඵල ඇත. සත්‍ය කතාවෙද පුද්ගලයා පේරාදෙණිය ඉංජිනේරු ශිෂ්‍යකි.

No comments:

Post a Comment