Wednesday, March 27, 2013

හෙරක් කොටු වේ.

CCTV Camera System එකක් නිසා හෙරක් කොටු වූ සත්‍ය සිදුවීමකි.


ධර්මේ අයියා : හලෝ නිර්මාල් මල්ලි, මම ධර්මේ අයියා කතා කරන්නේ,
නිර්මාල් : හලෝ අයියා කියන්න...
ධර්මේ අයියා : මල්ලිට පුලුවන්ද CCTV කැමරා එකකින් පහුගිය දේවල් බලන්න.
නිර්මාල් : පුළුවන් වේවි අයියෙ බැරි වෙන එකක් නැහැ, ඇයි මොකද ප්‍රශ්නේ?
ධර්මේ අයියා : බලන්න මල්ලි අක්ක purse එක super market එකේ දාල ඇවිල්ල, එකේ එවුන් දන්නේ නැහැලු CCTV එකෙන් බලන්න, මට කිව්වා පුළුවන් කෙනෙක් එක්කගෙන ඇවිල්ල බලාගන්න කියල, අනේ මල්ලි පුළුවන් නේද, ඒ උදවුව්ව කරන්න....

නිර්මාල් : ප්‍රශ්නයක් නැහැ අයියෙ මම එන්නම්,
ධර්මේ අයියා : එහෙනම් මම හවස 3 ට විතර එන්නම්, ලෑස්ති වෙලා ඉන්න,
නිර්මාල් : ok

නිර්මල්ට වැඩේට කැමති විය. කවදත් අනුන්ට උදවු කරන නිර්මාල්, හොරු අල්ලනවා වැනි වික්‍රම ක්‍රියා වලටද ඉතා කැමතිය. ඒත් ඔහු මීට පෙර CCTV කැමරා එකකින් පහුගිය දේවල් බලා නැත, විරය වෙන්න ගිහින් චොර වේවිද??? :P ඔහුට සිතිනි, ඒත් මම යනවා, ඔහු සිතුවේය.

ඔන්න ඉතින් හවස 3 වෙද්දී ධර්මේ අයියා කාර් එකේ අක්කත්(ධර්මේ අයියාගේ නෝනා) එක්ක නිර්මාල් ගේ ගෙදර ආව,

ධර්මේ අයියා : යමුද මල්ලි එහෙනම්?
නිර්මාල් : Ok යමු යමු.

නිර්මාල් : කොහොමද ඉතින් අක්කේ තොරතුරු මොකක්ද උන සිද්දිය?
අක්කා : බලන්නකෝ මල්ලි මට purse එක අමතක උනානේ කඩේ, ගෙදර ගිහින් රෑ කඩෙන් කෑම   ගන්න සල්ලි ගන්න purse එක හොයනකොට තමා ඒක නැහැ කියල දන්නේ,,, ඕක කඩේ තමා අනිවාර්යයෙන් බැරිඋනේ මොකද කඩේදී තමා මම purse එක අතේ තියාගෙන හිටියේ. L

නිර්මාල් : සිනාසෙමින්... බලමුකෝ අපි ගිහින්, එකේ ගොඩක් සල්ලිත් තිබුනද?
අක්කා : රු.5000 ක් තිබ්බ, ඒත් මල්ලි සල්ලි කොහොම උනත් NIC එක, Driving License එක
නිර්මාල් : ඔව් ඔව්, NIC එක හදා ගන්න එක ලේසි නැහැ තමා, පොලිසියේ අන්ට්‍රි දාන්නයි හෙන වැඩ  ගොඩයි.

ධර්මේ අයියා : ඔන්න අපි තැනට ආව...

තිදෙනාම වාහනයෙන් බැස කඩයට යන්නට විය.

ධර්මේ අයියා : ආආආආ මුදලාලි, ඔන්න මම නියම පරිගණක ඉන්ජිනේරුවෙක්ව ගේනවා... මෙයා වැඩේ නියම එකට කරයි.

නිර්මාල් සිනහ විය.

මුදලාලි : හරි අන්න තියනවා control unit එක මොන දෙයක් කරලා හැරි හොයාගන්න.
ධර්මේ අයියා : Ok යන් මල්ලි,
නිර්මාල් : යන්

නිර්මාල් සුකුරුත්තන් ටිකක් දැම්මේය, ඒත් වැඩේ හැරී ගියේ නැත,
දෙයියනේ නිර්මල්ට වැඩේ කරන්න බැරිද, එහෙම උනොත් විලිලජ්ජාවේ සන්තෝසේ බැහැ,,
විනාඩි 10 පමණ ගතවිය.........

නිර්මාල් සැනසුම් සුසුම් හෙලුවේය, වැඩේ හැරිය, නිර්මාල් වැඩේ අල්ලාගෙනය..

නිර්මාල් : අයියා කැමරාවේ අංකය මොකක්ද දන්නේ නැහැනේ දාන්න ඕනේ,
ධර්මේ අයියා : මුදලාලි ඔය ඔතන place වෙන කැමරාව මොකක්ද කඩේ වැඩ කරන සිරිසේන එතනට දිව ආවේය. 

නිර්මල් එකින් එක කැමරා දමමින්(පරිගණක තිරයේ Display කරමින්) පෙන්නුවේය.

සිරිසේන : ඔන්න ඕක තමා කැමරාව, සිරිසේන කළේය, ධර්මේ අයියා ද අනුමත කළේය.
ධර්මේ අයියා : මල්ලි වෙලාව හවස 1.30 ට විතර දාන්න පෙරේද, ඒ කියන්නේ අගහරුවද,
නිර්මාල් : Ok, (නිර්මාල් වීරයා විය.)
ධර්මේ අයියා : ඔහොම තියන්න, මල්ලි අපි එන තැනට යනකම් ටිකක් හයියෙන් යවන්න.
සිරිසේන :ඔක්කොටම ඉස්සෙල්ල ඔයා purse එක ගෙනාවද බලන්න ඕනේ, ඒ කොටස බලන්නම ඕනේ සිරිසේන සිනාසෙමින් පැවසුවේය.

ඒ ප්‍රකාශයට අක්කාගෙන් එතරම් මනාපයක් නැත.
ඔන්න හවස 1.45 පමණ ධර්මේ අයියා සහ අක්ක කැමරාවේ දර්ශනය විය,,,,
මද වෙලාවක් ගත විය. හරියටම හවස 2.05 ට පමණ අක්කා purse එක super market එකේ භාන්ඩ අතර තබා, භාන්ඩ තෝරනු දක්නට ලැබිණි,, භාන්ඩ තේරීමෙන් පසු ඇය ආපසු purse එක ගන්නේ නැත. ඇයට purse එක අමතක විය.......
දැන් හොරා අල්ලිමටයි යන්නේ.... 
හවස 3 පසුවිය, ඒත් super market එකේ ඒ පැත්තට කිසිවෙකුත් නාවේය.
ඔන්න මැදිවියේ ගැහැනියක් එතනට පැමිණියේය,,,, ඇය කිසිවෙකුත් නොසිතු ලෙස පැයක් පමණ එතනට වී එක එක භාණ්ඩ තොරයි,,,, ඇය purse එක ගන්නවා පෙන්නුම් කරන්නේ නැත.
නිර්මල්ට සහ ධර්මේ අයියට එතන video එක පැයක් පමණ normal speed එකෙන් බැලීමට සිදුවිය,,, අපුරු කට්ටකි,,,
අවසානයේ ඇය තම ඉනෙන් purse එකක් රැගෙන තමා මිලදී ගැනීමට යන භාණ්ඩයකට මැදි කර එය ඇය විසින්ම හොදින් packing කරනු ලැබේ.
සිනහවකි. ඇය කෙසේ හෝ purse එක ඉනට ගෙන තිබේ, ඒත් එය අපිට අහු උනේ නැත, ඇය අපේ ඇස් අතරින් රිංගා ගොස් ඇත... ඒත් හොර අහු වුයේ වැඩි වැඩ කිරීමට ගොස්ය.....
දැන් ඉතින් ඇය හොරා බව විශ්වාසය..
එම කඩය තොග ලෙසද භාණ්ඩ විකුණන නිසා තොග ගනුදෙනු කරුවන්ව මුදලාලි අදුනයි, එනම් කඩේ මුදලාලි ඇය අදුනයි, මුදලාලි ඇය හොරකම් කල බව පිළිගත්තා,,,
දැන් ඉතින් හොර අසුවී හමාරය,,,
දැන් බඩු සොයා ගතයුතුය.

මුදලාලි :ගෑනි රු 125000 විතර කඩේට ණයයි, ගෑනි ණයට බඩු අරගෙන ගිහින් විකුණලා, සල්ලි ගෙනත් දෙනවා, අවුරුදු 15 විතර ඉදන් මේ වැඩේ ගෑනි කරනවා,

ධර්මේ අයියා :  මම කියන්නද, ඔයා අපිට ගෑනි ඉන්න තැනක් කියන්න, අපි මේක ගොඩින්, අපි අපි විසදා ගන්නම් කඩේ ගාව ගන්නේ නැතිව.

මුදලාලි ටිකක් කල්පනා කළේය...

මුදලාලි : Ok මම ගෙදර address එක දෙන්නම්, හැබැයි ගෑනිගේ මල්ලි කෙනෙක් කුඩු ගහනවා, ටිකක් පරිස්සම් වෙන්න.

ඉන්පසු තුන්දෙනාම මුදලාලිට සමු දී විසිර ගියහ...
අතරමගදී......

අක්කා : අපි යනවද ගෑනිගේ ගෙදර, නැතිනම් පොලිසි යනවද,,,,
ධර්මේ අයියා : අපි ගෑනිගේ ගෙදර යමු, ගිහිල්ල කියමු, අපි CCTV එකෙන් ඔයාගේ බඩු අස්සට purse එක  යනවා දැක්ක කියල, එතකොට ගෑනිත් සමහර විට, ආආඅ ඔව් බඩු අස්සේ purse එකක් තිබ්බ තමා කියල දේවිද කියන්න බැහැනේ, එතකොට පොලිසි යන්නත් ඕනේ නැහැනේ,,,

කොහොම හරි 3 දෙනාම address එක අහගෙන ගෙදරටම ගියා.

ධර්මේ අයියා : ගෙදර කවුද???, බබා අම්මා ඉන්නවද?
හොරා(විමලාවතී) : කවුද???
ධර්මේ අයියා : ආආආඅ ඔයද විමලාවතී කියන්නේ..
හොරා(විමලාවතී) : ඔව් මම තම
ධර්මේ අයියා : අර තොග කඩෙන් බඩු ගන්නේ,
හොරා(විමලාවතී) : ඔව් මම තමා, ඇයි???
ධර්මේ අයියා : මේ මෙයාගේ purse එක නැති වෙලා.
හොරා(විමලාවතී) : ඉතින්
ධර්මේ අයියා : අපි දැක්ක CCTV එකෙන් ඔයාගේ බඩු අස්සට purse එක යනවා, අපි ඔයා හොරෙක් කියන්නේ නැහැ. අපි දැක්ක ඔයාගේ බඩු අස්සට purse එක යනවා

හොරා(විමලාවතී) : ආආආආ පිස්සුද මම කවදාවත් වංචාවක් කරලා නැහැ, මට කවුරුවත් මෙහෙම කියලත් නැහැ, මම උසාවි ගානෙත් ගිහින් බඩු විකුණලා තියනවා, කවදාවත් කිසිම වංචාවකට අහුවෙලා නැහැ.

අක්කා : අපි දැක්කනේ ඔයා purse එක දාගන්නවා.
හොරා(විමලාවතී): පිස්සුද මම කවදාවත් කිසිම හොර වැඩක් වංචාවක් කරලා නැහැ, ඕනේ නම් කඩේ මුදලාලිගෙන් අහල බලන්න.

ධර්මේ අයියා : ඔයා වරද්දගේනනේ අපි ඔයා හොරෙක් වංචාවක් කරා කිව්වේ නැහැනේ, අපි කිව්වේ, අපි දැක්ක CCTV එකෙන් ඔයාගේ බඩු අස්සට purse එක යනවා එච්චරයි,,

හොරා(විමලාවතී) : අනේ පිස්සුද, මම එහෙම කිසිම වංචාවක් කළේ නැහැ,,,, මුදලාලිය මාර මිනිහෙක්නේ, ඌ හිතල තියෙන්නෙම මම පල් හොරෙක් කියලද එහෙනම් මෙච්චරකල්. අපි ඕක එක්ක ගනුදෙනු කරන්නේ CCTV දාන්න ඉස්සෙල්ල ඉදන්.

(හොරා)ඇය මුදලාලිට බනින්නට විය. 
කුඩු ගහන මුණු තියෙන මිනිසුන් පිරිසක් වටවිය..

අක්කා : ඔයා ඔහොම කෑ ගහන්න එපා, මේ මිනිස්සු එතකොට ඇවිස්සෙනවා
ධර්මේ අයියා : අපි පොලිසි යනවා..
හොරා(විමලාවතී) : හරී යන්න, මම කිසිම වංචාවක් කරලා නැහැ

නිර්මාල් මේ සංවාදයට සහභාගී නොවී, සිදුවෙන දේ බලාගෙන සිටියේය, අනවශ්‍ය ගැටුම් වලට සම්බන්ධ නොවී සිටීම ඔහුගේ ලක්ෂණයකි.

ඉන්පසු නිර්මලව ගෙදරින් ඇරලවා ධර්මේ අයියා සහ අක්ක එදා රෑම පොලිසි ගියා.
දවස් දෙකකට පසු පොලිසියෙන් දෙපාර්ශවයම කැදෙව්වා.
පසුව නිර්මල්ට දැනගත හැකි වූයේ ඇය පොලිසියේදී purse එක තම බඩු අතරට ගොස් තිබියදී හමු වූ බවත්, ඇය හිතා මතා එසේ නොකළ බවත්ය කියූ බවත්ය.,, එවිට පොලිසියෙන් කියා ඇත්තේ අපි ඔයා ගැන හොදට දන්නවා කියා පමණි :P

සත්‍ය කතාවකි. නම් ගම් මනක්කල්පිත වේ.

No comments:

Post a Comment