Monday, April 1, 2013

අනේ වෙන කාගෙද කිව්වලු... :P

කාලෙකට පස්සේ පාසල් කාලයේ මිතුරන් කිහිපදෙනෙක් හමු විය. එයින් කෙනෙක් තමා ගැනම පුරාජේරු කියන්නට විය. තමා දැන් කෝටිපතියෙක් බව ඔහු විසින් තමන්වම වර්ණනා කරගනිමින් පැවසීය. තවද ඔහුට විශාල දේපලක් හිමි බව අගවන්නට විය. අවසානයේ එක් මිතුරෙක් මෙසේ ඇසීය.
මිතුරා: අර අපි පහුකරගෙන ආපු පොල් වතු ඔයාගේද?
කෝටිපතියකු යැයි කියාගන්නා මිතුරා : වෙනකාගේද!!!
මිතුරා: එතකොට අපි පහුකරගෙන ආපු කෙසෙල් වතු???
කෝටිපතියකු යැයි කියාගන්නා මිතුරා : වෙනකාගේද!!!
තවත් මිතුරෙක් : බොරු කියන්න එපා හලෝ, ඒ කෙසෙල් වතු අපේ නෑ කෙනෙක් වෙන අයිය කෙනෙක්ගේ
එවිට කෝටිපතියකු යැයි කියාගන්නා මිතුරා ගත් කටටම කිවේ,
කෝටිපතියකු යැයි කියාගන්නා මිතුරා : ඉතින් කවුද ඒවා මගේ කිව්වේ, මම කිව්වේ වෙනකාගේද කියලනේ :P

සත්‍ය කතාවක් ඇසුරෙනි.

No comments:

Post a Comment