Tuesday, April 9, 2013

Facebook එකේ සමහරුන්ගේ කැරැක්ටුව

සමහරු facebook එකේ මාර වීරයෝ, කාටවත් බය නැහැ. ආයේ සයිබර් අවකාශ ඇතුලේ ඕනේ එකකට, හැබැයි ඇත්ත ලෝකේ මී මැස්සටත් පුදුම බයක්. තවත් සමහරු fb එක ඇතුලේ මාර හොදයි. සිල් අරන් ඉන්නේ, ඒත් ඇත්ත ලෝකේ හොස්ස ලගින් මැස්ස යන්න බැහැ. තවත් සමහරුන්ගේ fb එක කියන්නේ ඇත්ත ලෝකේ කැඩපත වගේ, fb එකේ ඉන්න විදියටමයි ඇත්ත ලෝකේ ඉන්නේ, හැබැයි හැමෝම දැනගන්න ඕනේ, සමහර වෙලාවට fb එකේ ගොඩාක් පෝසත් අය ඇත්ත ලෝකේ ඒ තරම් පෝසත් වෙන්නේ නැති බව. ඒ වගේම fb එකේ අවංක පෙම්වතුන් ඇත්තට සල්ලාලයෝ වෙන්න පුළුවන් බව. අපි හැමෝම ඇත්තට ඉන්න විදියටම සයිබර් අවකාශයෙත් ඉන්නවනම් මේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වේවි. බලන්නකෝ මේ video එක ඇත්තටම වෙන්න බැරිද කියල...



Video එක හොදයි නේද???
Boy : අනේ! මේ අසරණයට කීයක් හරි දෙන්න. (අසරණ බව පෙන්වමින්)
Girl : ම්ම්ම්... මම ඔයාව කොහේදි හරි දැකල තියනවා. (කල්පනාකරමින්)
Boy : ඇයි අපි facebook එකේ යාළුවොනේ (සිනාසෙමින් නෝක්කාදුවට මෙන්)
Girl : (මොනව හිතෙන්න ඇතිද)

No comments:

Post a Comment