සිරිපාලට කමලිව කොච්චර නම් මතක් වෙනවද :P :P :)
Friday, April 15, 2016
Thursday, April 14, 2016
කේන්දර ගැලපීම
සඳුනි සිරිල් පාසල් කල සිට ප්‍රේම වන්තයෝ තමයි. එයාල තමන්ගේ අධ්‍යාපනයත් ඉතා හොදින් කරගෙන ගියා. ඒ නිසා දෙදෙනාටම විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීමට හැකි වුණා. ඒත් විශ්වවිද්‍යාලයේදී තමයි දෙන්නගේ සම්බන්ධය ගැන ගෙවල් වලින් දැන ගත්තේ. ඊට පස්සේ දෙන්නගේ කේන්දර එහෙම ගැලපෙනවද බැලුව දෙපැත්තෙන්ම. කොච්චර හොදද කේන්දරත් හොදටම match. ඊට පස්සේ මේ දෙන්නම විශ්වවිද්‍යාලයෙන් out වුනහම ජයටම මඟුලක් ගත්ත. ඒත් සිරිල් මොකද කලේ සඳුනිගේ ගෙදරට බින්න බැස්ස. මේ දෙන්න, දෙන්නට දෙන්න මාර ආදරෙයි. රණ්ඩු වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඒත් ඉතින් නැන්දම්මාගේ වැඩේ සුදු බෑනාගේ වැරදි හොයන එකමයි හැමතිස්සෙම. බෑනා හැරුණත් වැරදි නැන්දම්මට නම්. කියවනවා කියවනවා ආඩපාලි ඉවරයක් නැහැ. හයියෝ බලපුවහම සිරිල්ගෙයි සඳුනිගෙයි කේන්දර විතරක්ම ගැලපුනාට මදි වගේ බින්න බහිනවනවා නම්, නැන්දම්මගෙයි බෑනාගෙයි කේන්දරත් ගැලපෙන්නම ඕනේ වගේ නේද පේනවිදියට ;-) ;-) :-p
Thursday, April 11, 2013
“නෝනගේ කෝප්පෙ මට කැත නැහැ” කිව්වලු
දිනක් වැරහැලි ඇඳගත්
කුෂ්ට රෝගයෙන් පෙලෙන මහලු හිගන්නෙක් හිඟමන් ඉල්ලා ධනවත් ගෙදරකට ආවේය. දවල් කාලය
නිසා හිඟන්නා කෑමට යමක් ඉල්ලුවේය. හිඟන්නාට කෑමට යමක් දෙන ලෙස අලුතින් ඒ ගෙදරට
වැඩට ආ මෙහෙකාරියට ගෙහිමි කාන්තාව කීවාය. කුස්සියට ගිය මෙහෙකාරිය පරණ බෙලෙක්
පිඟානකට බත් එකක් බෙදා වතුර දීමට කෝප්පයක් සෙවූ නමුත් පරණ එකක් සොයා ගැනීමට නොහැකි
වූයෙන් කෝප්ප රාක්කයේ තිබූ අලුත් කෝප්පයකට වතුර එකක් ගෙන ගොස් දුන්නාය. හිගන්නා
බත්කා වතුර බීමට සැරසෙත්ම පරණ මෙහෙකාරිය එතනට පැමිණියාය. හිගන්නාට වතුර දී ඇත්තේ
ගෙහිමි කාන්තාවගේ කෝප්පයෙන් බව දුටු ඇය කෝප වූවාය. නෝනගේ කෝප්පේ හිගන්නාට වතුර
දුන්නේ ඇයි දැයි අසමින් ඇය අලුත් මෙහෙකාරියට බැන වැදුනාය. මෙය අසා සිටී හිඟන්නා
“නෝනගේ කෝප්පෙ මට කැත නෑ” කියමින් වතුර ටික බීගෙන ගියේය.
ජනවහරයේ රසවත් කතා පුවතක් ඇසුරෙනි.
ජනවහරයේ රසවත් කතා පුවතක් ඇසුරෙනි.
No experiences no jobs... :P
අනේ බලන්නකෝ, මෙන්න වැඩක් රස්සාවක් හොයාගෙන යන කෙනෙකුට ඒ රස්සාවට අදාලව experiences තියෙන්න ඕනේ. ඉතින් අලුත් රස්සාවකට අලුතෙන් යන කෙනෙකුට කොයින්ද ඒ අලුත් රස්සාවට අදාල experiences. ආආආ මේ කියන්නේ හොද රස්සාවකට යන්න ඉස්සර පඩි නැති රස්සාවල් කිහිපයකට යන්න ඕනේ කියන එකද, ම්... වෙන්න පුළුවන් තමා. ඒත් දැන් අලුත් ඉතා හොද degree programs වල ජොබ් ඒකට අදාලව මාස කිහිපයකට(මාස 6 පමණ) training යන්නේ interview එකේදී අහන "කෝ යකෝ experiences" ප්‍රශ්නෙට පිළිතුරු ලෙස...
Video එක හොදයි නේද???
Tuesday, April 9, 2013
Facebook එකේ සමහරුන්ගේ කැරැක්ටුව
සමහරු facebook එකේ මාර වීරයෝ, කාටවත් බය නැහැ. ආයේ සයිබර් අවකාශ ඇතුලේ ඕනේ එකකට, හැබැයි ඇත්ත ලෝකේ මී මැස්සටත් පුදුම
බයක්. තවත් සමහරු fb එක ඇතුලේ මාර හොදයි.
සිල් අරන් ඉන්නේ, ඒත් ඇත්ත ලෝකේ හොස්ස ලගින් මැස්ස යන්න බැහැ. තවත් සමහරුන්ගේ fb එක කියන්නේ ඇත්ත ලෝකේ කැඩපත වගේ, fb එකේ ඉන්න විදියටමයි ඇත්ත
ලෝකේ ඉන්නේ, හැබැයි හැමෝම දැනගන්න ඕනේ, සමහර වෙලාවට fb එකේ ගොඩාක් පෝසත් අය ඇත්ත ලෝකේ ඒ තරම් පෝසත් වෙන්නේ නැති බව. ඒ වගේම fb එකේ අවංක පෙම්වතුන් ඇත්තට සල්ලාලයෝ වෙන්න පුළුවන් බව. අපි හැමෝම ඇත්තට ඉන්න
විදියටම සයිබර් අවකාශයෙත් ඉන්නවනම් මේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වේවි.
බලන්නකෝ මේ video එක ඇත්තටම වෙන්න බැරිද
කියල...
Video එක හොදයි නේද???
Saturday, April 6, 2013
ගමේ හොරා වලිගය තමා ලෙඩේ කිව්වලු.
එක් ගමක ප්‍රසිද්ධ හොරෙක්
සිටියේය. ඔහු කාගේ හෝ එළු පට්ටියකින් එළුවෙක් හෝ කුකුල් පට්ටියකින් කුකුලෙකු හෝ ගව
පට්ටියකින් වහු පැටියකු හෝ සොරකම් කළේය. ඒ කිසිවක් හෝ නොහැකි වී නම් කාගේ හෝ
කෙසෙල් කැනක් හෝ කපා ගත්තේය. කාගේ හෝ යමක් නැති වුවහොත් එකත් එකටම අසවලා හොරකම් කරන්න ඇතැයි කියන තරම් ඔහු ප්‍රසිද්ධ විය. දිනක් මොහු එළු පට්ටියකින්
එළු පැටියෙක් සොරකම් කළේය. ඌ තුවාකින් වසා කර පින්නා ගෙන ගියේය. අතරමගදී මොහුට ගමේ
මිනිසෙක් හමුවිය. "කොහෙද උබ හදිසි හදිසියේ දුවන්නේ?" යි ඔහු සොරගෙන් ඇසුවේය.
"පුතාට බේත් ටිකක් ගන්න වෙද ගෙදරට යනවා." යි සොරා කිවේය. "පුතාට
මොකක්ද අසනීපය?" "මට හරියටම කියන්න බැහැ. වෙද මහත්තයාගෙන්ම තමයි අහන්න
වෙන්නේ?" එවිටම තුවායෙන් එලියට අවුත් තිබූ වලිගයක් මිනිසා දුටුවේය. 'පුතා නම් වලිගයක් කොයින්ද? මේ සොරකම් කරපු සතෙක්' යැයි සිතා ගත් මිනිසා, "පුතා නම් ඔය වලිගයක් මොකද?"යි ඇසුවේය. "වලිගය තමයි
ලෙඩේ. ඒකට තමයි බෙහෙත් ගන්න යන්නේ. එතකොට වලිගය නැති වෙලා යයි නොවැ" යි හොරා
කිවේය. ඒ සමගම එළු පැටියා "බෑ...!" කියා කෑ ගැසුවේය. එය අර මිනිසාටද
ඇසුණේය. එහෙත් හොරා ඊට වැඩි ශබ්දයෙන්, "බෑ කියල කොහොමද? ඔය වලිගය වැටෙන්න බෙහෙත් ගන්නම ඕනේ." යි කියා ගමන ඉක්මන්
කළේය.
ජනවහරයේ රසවත් කතාවක් ඇසුරෙනි.
මිස්ගේ නයා ඇදීම... :P
එක තරමක් පිටිසර පාසලකට
නගරයෙන් පැමිණි ගුරුවරියක් සිටියා. ඇය තම නිවසේ, ස්වාමියාගේ, තමාගේ පම්පෝරි පාසලේ
විවේකී අවස්ථාවලදී අනෙක් ගුරුවරුන්ට කීමට පුරුදුව සිටියා. එක් දවසක් ඇය මෙසේ
පැවසුවාය. “දන්නවද වැඩක්, අපේ ගෙදරට ඊයේ නයෙක් ආවනේ, නයාව ඉස්සෙල්ලාම දැක්කේ අපේ ගෙදර
driver, එයා vehicle
එක park කරලා, ගෙදරටම එනකොට තමා නයා දැකල තියෙන්නේ, එගේ කෑ ගැහිල්ලට එතනට ආවේ අපේ
ගෙදර servant, එයා නයාව දැකල සිහිය
නැතිව වැටුන කලු ලීයෙන් හදල තියෙන ටීපෝවත් පෙරලගෙන, ඊට පස්සේ මගේ husband දුවගෙන ආව. එයා කාටවත් බය නැති මිනිහ, මම ඔයාලට කියල
තියෙනවනේ එයට කරාටි කලු පටි තියෙනවා කියල, එයා දුවගෙන ඇවිල්ල අපේ electric කොස්සෙන් නයාට ගැහැවුවා. ඊට පස්සේ නයා අපේ LED TV එකත් පෙරලගෙන අපේ AC එක උඩට නැග්ග, ඔන්න
එතකොටම අපේ daughter ආව. මට ඔයගොල්ලන්ට
කියන්න බැරි උනානේ එයා ආවේ England වල ඉදන් පෙරේද,, ඒක වෙනම
කතාවක් මම ඒක පස්සේ කියන්නම්කො, ඊට පස්සේ නයා ගියේ kitchen එකට, අපි දුවල බලනකොට
නයා මගේ මයික්‍රෝවේව් අවන්
එක උඩ, මගේ පුතා වෙලාවට
ගෙදර හිටියේ නැත්තේ, එයාට නයි පෙන්නන්න බැහැ, එයා American පොලිසියෙනේ වැඩකරන්නේ,
මම ඔයාලට කියල ඇතිනේ නේද, ඊට පස්සේ නයා dash washer එකට වැටිලා මල කෙලියයි... :P”
එවිටම පාසලේ විදුහල්පති
පැමිණ කිවේ පාසලේ විවේක කාලය පසුවී විනාඩි 30 පමණ ගතවී ඇති බවයි.
“අන්න ළමයි පිස්සු නටනවා, මිස් නයා ඇදිල්ල නවත්වන්න”
ජනවහරයේ සත්‍ය කතාවක්
ඇසුරෙනි.
Subscribe to:
Posts (Atom)