සචිත්‍ර ඩිලාන් විද්‍යාරත්න
කෝටිපති කොන්ත්‍රාත් ව්‍යාපාරිකයකි. ඔහුට BMW වර්ගයේ අධි සුපෝපභෝගී
වාහනයක් තිබේ. තවද වයස නිසා ඇස් පෙනීමේ දුර්වලතාවක් ඇති ඔහු තම වාහනය පදවන විට
පුරුද්දක් ලෙස ඇස් කන්නාඩි පළදියි. ඔහුට, ඔහු සෑම විටම පාහේ AC සහිතව ගමනක් ගොස් වාහනයෙන් බසින විට ඔහුගේ ඇස් කන්නාඩියේ වීදුරු මතුපිට
පෘෂ්ටයේ ජලවාෂ්ප බැදෙන බව නිරීක්ෂණය විය. මේ බව ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන තම
ආදරණිය පුතුගෙන් විමසූ විට....
පුතු ගත් කටටම මෙසේ
පිළිතුරු දුනි.
පුතා : තාත්තේ, ඔයාගේ
කණ්ණාඩියේ වීදුරු පෘෂ්ටයේ මතුපිට උෂ්ණත්වය පරිසරයේ තුෂාර අංකයට වඩා පහල ගිය නිසා
එසේ වීදුරු පෘෂ්ටය මත ජලවාෂ්ප බැදුනා.
තාත්තා ලප් තැනම ලොප්
විය.
තාත්තා : තුෂාර...
(ආයෙනම් මේකගෙන් මුකුත්
අහන්නේ නැහැ. තාත්තට සිතිනි.)
සත්‍ය කතාවකි - නම් ගම්
මනකල්පිත වේ.